නොරොච්චෝලේ තාප බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු මේවන විට සක්‍රීය කරමින් පවතින බවත් එහි ජනන යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කරවීමට හැකි උවහොත් අඛන්ඩව විදුලිය ලබාදිය හැකි බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
අද පස්වරුව වන විට මෙගාවොට් 600ක ධාරිතාවයකින් යුතු ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.