දිවයිනේ බොහෝ පළාත්වල අද (01දා) පස්වරු කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වල මි.මි. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මස 27 සිට මෙම මස 06දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. ඒ අනුව හෙට (02දා) දහවල් 12.10ට බංගදෙනිය, හෙයියාගම, ගෝනගම, ගස්සන්දළුපොත, කඹරව, දෙහිඅත්තකණ්ඩිය සහ කපුරැල්ල යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.