නව වැටුප් ක්‍රමය ඇති කිරීම ප්‍රමාද කිරීම නිසා අද දහවල් 12.00 සිට පැවැත්වීමට තීරණය කර තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව නවතා දැමූ බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
ස්ථානාධිපතිවරුන්ට, රියදුරන්ට සහ නියාමකයන්ට, අධීක්ෂණ කළමනාකරුවන්ට අනුමත කර තිබෙනා නව වැටුප ලබා නොදීමට එරෙහිව මෙම වර්ජනය දියත් කිරීමට සැලසුම් කර තිබූ බවත්, එහෙත් අනුමත කළ නව වැටුප ලබාදීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පොරොන්දු වූ නිසා වැඩවර්ජනය නවතා දැමූ බවද එම සංගමයේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.