කැපිලි කෙටිලි නැති අයවැයක් පාර්ලිමේන්තුවට අද (10දා) ඉදිරිපත් වනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අද පෙරවරු කාලයේදී කැබිනට් මණ්ඩලය රැස්වී අයවැය පිළිබඳව අවසන් සාකච්ඡාව පැවැත්වූ බවයි.
අධ්‍යාපන, සෞඛ්‍ය, ධීවර ආදී සෑම ක්ෂේත්රයකටම සාධාරණව මුදල් වෙන්කර ඇතැයි එහිදී පැහැදිලි වූ බවද අමරවීර මහතා ප්‍රකාශ කළේය.