www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
අතුරුදහන්වූවන් විසින් උතුරේ පවත්වනු ලබන උපවාසයන්ට දින 200ක් ගතවීමට ආසන්න වුවද ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් රජය මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් අද (30දා) වවුනිවේ ස්ථාන දෙකක විරෝධතා දෙකක් පැවත්විණි.
උතුරු පළාත් සභාවේ කාන්තා කටයුතු අමාත්‍යංශය විසින් වවුනියාව නගර මධ්‍යයේ සිට විරෝධතා පාගමනක් පවත්වා වවුනියාව නගරසභා ශාලාවේදී රැස්වීමක් පවත්වමින් කියා සිටියේ උතුරේ මේ වනවිට අතුරුදහන් වූවන් විසින් උපවාසයන් සිදුකරමින් මාස 06කට වැඩි කාලයක් උපවාසයන්හි යෙදෙනු ලැබූවද මේ දක්වා රජය මගින් විධිමත් විසඳුමක් නොදීම හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ගැටලු රැසකට මුහුණපා ඇති බවයි.
මේ අතර අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව වවුනියාව තැපල් කාර්යාලය ඉදිරිපිට පිහිටි උපවාස මණ්ඩපයේ සිට විරෝධතා පා ගමනකින් වවුනියාව කන්දසාමි කෝවිල වෙතට ගොස් දෙවියන්ට කන්නලව් කරමින් පොල් ගසා කියා සිටියේ මාස 6කට වැඩි කලක් උපවාසයේ යෙදී සිටියද මෙතෙක් තමන්ට කිසිදු විසඳුමක් නොමැති හෙයින් තමන්ට විසඳුමක් ලබාදෙන ලෙසයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd