හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව අතුරුදන් වූ බව කියා අනතුරුව පොලිස් මූලස්ථානයට භාර වූ හම්බන්තොට, බදගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයා සහ ඔහුට රැකවරණය හා අධාර අනුබල දෙමින් රජයේ නිළධාරීන්ට අසත්‍ය ප්‍රකාශ කළේ යැයි කියන තරුණයාගේ සහෝදරයන් දෙදෙනෙක් හා සහෝදරියක් එළැඹෙන 30 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කළේ ගජහින් ගමගේ ගයාෂාන් ප්‍රධාන සැකකරු හා සැකකරු සගවාගෙන සිටීමට අනු බල දුන් ගජහින් ගමගේ රෝෂාන් කුමාර, ගජහින් ගමගේ නිමාලි සහ විශේෂ කාර්ය බලකායේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු වූ ගජහින් ගමගේ සුරංග යන අය වෙති.
රාහුල් සමන්ත/ණුවන් ජයසේකර