සිංහල හා හින්දු අලූත් අවුරුදු සමයේ අත්‍යාවශ්‍යය භාණ්ඩ තොග සගවා තබා ගැනීම, නරක් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම වැනි වැරදි සිදු කරන වෙළෙඳුන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග පිරිනැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.
උත්සව සමයේදී හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගික ජනතාව අතට පත් කිරීම ද මෙම වැඩපිළිවෙලෙහි තවත් අරමුණක් බවද මේ පිළිබදව ලැබෙන තොරතුරු වලට අනුව ක්ෂණිකව වැටලීම් කිරීම සඳහා ක්ෂණික වැටලීම් ඒකකයක් ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ස්ථාපිත කර ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රකාශකයකු පැවසීය.