මහාචාර්ය සේනක බිබිලේ මහතා ඉදිරිපත් කළ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුව මිල අඩුකොට මේ මස 23 වැනිදා ප්‍රසිද්ධ කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ සම්බන්ධව ඖෂධ ආනයනකරුවන් සහ මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කළ බවත්, මේ මස 23 වැනිදාට යෙදෙන සේනක බිබිලේ මහතාගේ අනුස්මරණ දිනය නිමිති කරගෙන මෙම මිල අඩු කිරීම සිදුකරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
මේ අතර ආයුර්වේද උපාධිධාරීන් 100කට පමණ පත්වීම් ලබාදීමට නියමිත බවත්, ආයුර්වේද සංස්ථාවේ ප්‍රගතියක් පෙන්වා තිබියදී එහි සභාපතිවරයා ඉවත් කළ නොහැකි බවත් සේනාරත්න මහතා කීවේය.
ආයුර්වේද සංස්ථාවේ සුළු පිරිසකගේ ප්රචණ්ඩ හැසිරීම හේතුවෙන් බහුතර සේවකයන් පීඩාවට පත්ව තිබෙන බවත්, පෞද්ගලික කාරණයක් මෙම කඩාකප්පල්කාරී වැඩපිළිවෙළට බලපා ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.