අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් සියලු දෙනා බන්ධනාගාර රෝහලේ සිටින බවට සැකකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සිසු පිරිස බැලීමට වැලිකඩ බන්ධනාගාරයට අද (18දා) පෙරවරුවේ ගිය අවස්ථාවේදී සභාපතිවරයා එසේ පැවසීය.
අද ඉරිදා දිනයක් බැවින් සිසුන් නැරඹීමට අවස්ථාව ලබාදිය නොහැකි බව බන්ධනාගාර පරිපාලනය විසින් දැන්වූ පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ තේනුවර මහතා,
“ළමයි ටික රිමාන්ඩ් එකෙත් නැහැ. බන්ධනාගාරයෙත් නැහැ. ඔවුන් බන්ධනාගාර රෝහලේ ඉන්න බව ආරංචියි. පහරදීලා තුවාල කරපු හින්දයි රෝහලේ තියාගෙන ඉන්නේ. අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් අරගල කළ ඒ සිසුන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. නීතිමය වශයෙන් මොනවද කරන්න පුළුවන් කියා මේ වනවිට නීතීඥයන් සමග අදහස් හුවමාරු කර ගනිමිනුයි අපි ඉන්නේ" යැයි පැවසීය.
ඡායාරූපය ශමීීර රාජපක්ෂ