අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය) ආශ්‍රිතව පවතින ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගොලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් හෙට (18දා) දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වයන් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දිවයිනේ බස්නාහිර ,දකුණු සහ සබරගමුව පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සෙසු පළාත්වලට සවස 2.00 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවකවලත් මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැකි බවත් අපේක්ෂා කරන බව සඳහන වේ.
විශේෂයෙන් සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම පොර්තමේනතුව ජනතාවගෙන් ඉල්ලා සිටී.