බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී කන්කසන්තුරය ප්‍රදේශයට කි.මී. 280ක් උතුරින් පිහිටා ඇති බවත්, එය තවදුරටත් ඈතට ගමන් කරමින් පවතින බැවින් වැසි සහිත කාලගුණ තත්ත්වය, විශේෂයෙන් දිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිරි දින කිහිපයේදී ක්‍රමයෙන් අඩුවනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නමුත් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන අතර, තද සුළං සහිත කාලගුණ තත්ත්වය විශේෂයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් පවතිනු ඇති බවද පවසයි.
එමෙන්ම, දිවයිනේ උතුරු, වයඹ, බස්නාහිර, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට තද වැසි (100mm ට වැඩි) ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව, අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවද පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
මීට අමතරව,
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය සලකා බැලීමේදී, උතුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සෙසු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 50 ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී.60-70 පමණ දක්වා ඉහළ යා හැක.
ඉහත පද්ධතිය හා සබැදිව පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, දිවයින වටාවන මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය (පැ.කි.මී. 80-90 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තරමේන්තුව පවසයි.