අටපිරිකර වෙළෙදසැල් ජනවාරියේ සිට ලියාපදිංචිය අනිවාර්යයි
අට පිරිකර, සිවුරු ,පාත්ර නිෂ්පාදනය හා අලෙවි කරනු ලබන නිෂ්පාදකයින් වෙළෙදුන් තම ආයතනය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරිම සිදු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව පවසයි.
අටපිරිකර අලෙවි කිරීම සම්බන්ධව 2015 ජුනි 11 වන දින නිකුත් කර ඇති විශේෂ ගැසටි නිවේදනයට අනුව අටපිරිකර ,දෙපට සිවුර තනිපට සිවුර, අදන කඩය, පාත්රය හා බද පටය යන භාණ්ඩ,නිෂ්පාදනය කරන හා අලෙවි කරන වෙළෙන්දන් සඳහා වන ලියාපදිංචි අයදුමිපත් 2016 ජනවාරි 01 වැනි දින සිට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි බවත් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම අයදුම්පත් දෙපාර්තමේන්තුවට පැමිණ හෝ තැපැල් මගින් අයදුම්පත් ලබා ගත හැකි අතර මුද්දර සහිත 9x4 ප්රමාණයේ ලියුම් කවරයක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නො .135 ශ්රීමත් අනගාරික ධර්මපාල මාවත කොළඹ 07 ලිපිනයට එවීමෙන් තැපෑලෙන් ද අයදුම්පත් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
