නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සමෘද්ධි නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය හේතුවෙන් බේරාගත නොහැකි ගැටලුවක් මතු වුවහොත් ඒ සඳහා තමා මැදිහත්ව විසදුමක් ලබාදෙන බව සමාජ සවිබල ගැන්වීමේ හා සමාජ සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුව තුළ පක්ෂ දෙකක ඇමතිවරුන් සිටින නිසා එවැනි දේවල් සිදුවන බවද ඇමතිවරයා සඳහන් කළේය.
නාරාහේන්පිට රජයේ ප්රවෘත්ති දේපාර්තුමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා,
“පක්ෂ දෙකකින් අය ඉන්න නිසාඑහෙම දේවල් වෙනවා.ඒවා ගණන් ගන්න දෙයක් නැහැ.ඒවා පස්සෙ එලවගෙන ගිහින් අවුළුවන්න වැඩක් නැහැ.බේරගන්න බැරි ගැටලුවක් ආවොත් අපි මැදිහත්වෙලා බේරනවා”යනුවෙන් පවසා සිටියේය.