අඟහරු ග්රහයා මත දියරමය කරදිය පවතින බවට සාධක සොයා ගත් බව නාසා ආයතනය පවසයි.
මෙම සොයාගැනීමත් සමග අඟහරු ග්රහයා මත ජීවයක් පැවතීමේ අවස්ථාව සම්බන්ධ කතාව යළි කරළියට පැමිණ තිබේ.
අඟහරුගේ පෘෂ්ටයේ දැකගත හැකි අඳුරු පැහැ දිග තීරු පිළිබඳව පරීක්ෂණවලදී මේ කරුණු අනාවරණය වී තිබේ.