2016 අගෝස්තු මාසය සඳහා වාර්ෂික උද්ධමනය 4.5% ක් ලෙස ගණනය කර ඇති අතර, ජූලි මාසයේ වාර්තා වූ 5.8% ක උද්ධමනය සමග සැසඳීමේදී අගොස්තු මාසයේ උද්ධමනය මෙසේ පහළ ගොස් ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා අගෝස්තු මස වාර්ෂික උද්ධමනය නිවේදනය කළේය.