අග්‍රාමාත්‍යවරයාට එරෙහිව හදිසියේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම වැරදි කි්රයාවක් බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහනා හිමියන් පැවසුහ. නව රජය පත්වීමෙන් පසු මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ එවැනි විශ්වාසභංගයක් ගෙන ඒම සාධාරණ නොවන බවත් ආණ්ඩුවක වැඩපිළිවෙල නිසි පරිදි සිදුවන්නේ දැයි තේරුම් ගැනීමට වසර දෙක තුනක් ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. අද (08) මහනාහිමියන් බැහැ දැකීමට අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.