පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නොහැකි බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ගාල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (04දා) උළුවිටිකේ පැවැති අවස්ථාවේ ඇමැතිවරයා මේ බව කීය.
එහිදී අදහස් දැක්වූ ඇමතිවරයා,
“රජය අස්ථාවර කිරීමේ අදහසින් ඇතැමුන් රජය ඉල්ලා අස්විය යුතුය කියන මතයක් සමාජගත කළා. ආණ්ඩුව දැන් තිබෙන්නේ පරණ ආණ්ඩක්රම ව්‍යවස්ථාව අනුව නොවේ. දැන් තියෙන්නෙ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. දැන් අපේ රට පාලනය වෙන්නේ 19වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට අනුවයි. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මිස වෙනත් පාලන ක්‍රමයක් නොවෙයි.
අයවැයක්, මුදල් කෙටුම්පතක් පරදින අවස්ථාවකදී විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකියි. අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගේනවාකියන්නේ මුළු ආණ්ඩුවටම විරුද්ධව ගේනව කියන එකයි. එහෙම එකක් ගෙනාවත් පාර්ලිමේන්තුව 2020වනතුරු විසුරුවන්නත් බැහැ. ඒ අනුව රජය ස්ථාවරව පවතිනවා.
44% බහුතරය නොවෙයි. 56% බහුතරයයි. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අයිතිවාසිකම් අවුරුදු 35ක් තිස්සේ අහිමි වී තිබෙනවා.
1988 සිට අද දක්වා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මූලික අයිතිවාසිකම් අද දක්වා අහිමි වෙලා තියෙනවා. මමකැබිනට මණ්ඩලයේ සිටියාට යූ.එන්.පී.කාරයන්ගේ මූලික අයිතිවාසිකම් තවම ලැබිල නැහැ. ගමේ ගත්තොත් සමෘද්ධිය ලැබිලා නැහැ. ඉඩම් නැති අයට ඉඩම් ලැබිලා නැහැ. රැකියා නැති අයට රැකියා ලැබිලා නෑ* යනුවෙන් කියා සිටියේය.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්