අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (04දා) කතානායක චමල් රාජපක්ෂ මහතාට භාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්රී මනූෂ නානායක්කාර මහතා ප්රකාශ කළේය.
ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් මන්ත්රීවරුන් අත්සන් තබා ඇතැයිද ඔහු පැවසීය.
විපක්ෂනායක කාර්යාලයේදී අද (04දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
කතානායක චමල් රාජපක්ෂ මහතා තංගල්ල ප්රදේශයේ දේශපාලන වැඩසටහනකට සහභාගිවීමට අද පෙරවරුවේ ගොස් තිබුණු බවත්, ඔහු යළි කොළඹට පැමිණි පසු විශ්වාසභංග යෝජනාවට භාරදීමට සැලසුම්කර ඇති බවත් පැවසූ මන්ත්රීවරයා අද සවස වනවිට අත්සන් ලේඛනය ප්රසිද්ධ කරන බව පවසා සිටියේය.
එම විශ්වාසභංග යෝජනාව ගැන ඡන්ද විමසීමක් සිදුකරන අවස්ථාවේදී එයට සහය පළකරන බවට තවත් පිරිසක් දන්වා ඇතැයිද කතානායක මහතා සඳහන් කළේය.