අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් බදාදා (20දා) කථානායකවරයාට බාරදීමට කටයුතු සූදානම් කර ඇතැයි වාර්තාවෙයි.
සාමාන්‍ය‘යෙන් විශ්වාසභංග යෝජනාවක් බාරදෙන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සන් ප්‍රමාණවත් වුවද මෙම යෝජනාව සඳහා ආරම්භක අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 113 දෙනෙකුට වඩා අත්සන් තබන බවට දන්වා ඇතැයි ද වාර්තා වෙයි.
කෙසේ වුවද පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ 20 වැනි සංශෝධනයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සංවාදයක් ඇතිව තිබෙන බව දැන ගන්නට ලැබේ. බොහෝ විට අද හෝ හෙට මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සිදුවීමට නියමිත බවද වාර්තා වෙයි.
ඉදිරිපත් වීමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසුවේ, මෙම විශ්වාසභංග යෝජනාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ට අමතරව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද අත්සන් තැබීමට නියමිත බවයි.
මේ සම්බන්ධයෙන් 'අද' එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතාගෙන් කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එම විශ්වාසභංගයට අත්සන් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. එහෙත් මනූෂ නානායක්කාර මහතා වැනි සන්ධානයට එක් වූ එ.ජා.ප මන්ත්‍රීවරුන් කීප දෙනෙකු සිටින නිසා ඔහු එවැනි ප්‍රකාශයක් සිදු කරන බවය.
අමිත් මධුරංග/ ඉන්දික හේවාවිතාරණ