අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව හෙට (13දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව උදය ගම්මන්පිළ මහතාගේ නායකත්වයෙන් යුතු පිවිතුරු හෙළ උරුමය සඳහන් කරයි. එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හෙට සවස මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බවත් ඒ සඳහා පක්ෂ නායකයින් කිහිපදෙනෙක්ද එක්වීමට නියමිත බවත්ය.