අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංගයට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු සහාය නොදක්වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
පානදුර නගර සභාව ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ඊයේ (20දා) මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ අග්‍රාමාත්‍යවරයා ප්රමුඛව මේ රජයට ගෙනවිත් තිබෙන විශ්වාසභංගය අපි දැවැන්ත ලෙස පරාජයට පත්කරනවා. එතැනදී අපි එක්සත් ජාතික පක්ෂය බෙදිලා නෑ. එක්සත් ජාතික පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්නේ නෑ කියන විශ්වාසය මම වගකීමෙන් කියන්න කැමතියි.” යැයි පැවසීය.