අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්කිරීමට සූදානම්වන විශ්වාසභංග යෝජනාව මේ වන විට සූදානම්ව පවතින බව 'අද' ට වාර්තාවේ. විශ්වාසභංගය සඳහා මේවනවිට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්රීවරු 52දෙනෙකු අත්සන් කර ඇත.
විශ්වාසභංග යෝජනාව සම්බනධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ දීර්ඝ සාකච්ඡාවක් ඊයේ (20දා) පාර්ලිමේනතුවේදී පවත්වා ඇති අතර එහිදී ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්රීවරු ඒකමතිකව තීරණය කර ඇත්තේ විශ්වාසභංගය සඳහා අත්සන් ලබාගත හැකි ශ්රීලනිපයේ හා එජාපයේ මන්ත්රීන් 06 දෙනෙකුගෙන් අත්සන් ලබාගෙන ඉතා ඉක්මනින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට බාරදිය යුතු බවයි.
ඒ අනුව අද දිනයේ දී හෝ හෙට දිනයේදී මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවට බාරදීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රී කණ්ඩායම බලාපොරොත්තුවෙන් පසුවෙති.
චාමර සම්පත්/අමිත් මධුරංග