අගමැතිට එරෙහි විශ්වාසභංගයට තීරණය ජාතික ආණ්ඩුවක් ලෙසයි
- 27 02 2018
- 22:35
- {{hitsCtrl.values.hits}} views
- . .
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව තවමත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්ව නොමැති බවත් එවැන්නක් ඉදිරිපත් වූ විටට ජාතික ආණ්ඩුවක් ලෙස තීරණයක් ගන්නා බවත් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
කැබිනට් හමුවෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියේය.
විශ්වාභංග යෝජනාවට සහාය දෙනවද?
ඒ ගැන දැන්ම කතා කළ යුතු නෑ. තාම එහෙම යෝජනාවක් ඉදිරිපත් වී නෑ. එහෙම යෝජනාවක් ආවොත් ජාතික ආණ්ඩුවක් ලෙස ගන්න තීන්දුව ගැන බලමු.
අගමැතිවරයාට තිබෙන විරෝධය නිසා නේද අදත් ඇතැම් ඇමතිවරුන් කැබිනට් හමුවට පැමිණියේ නැත්තේ?
ඒක අපි දන්නේ නෑ.
ඔබතුමාලාගේම පක්ෂයේ අය නේද වැඩිපුරම නොපැමිණියේ?
ජනාධිපතිවරයා නම් කිහිපයක් කිව්වා. මේ අය එන්න බැරිවෙන බව දැනුම් දී තියෙනවා කියලා. ඒක අපිට නෙමෙයි වාර්තා කරන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


