මහනුවර දළදා වීදියේ මහජන බැංකු ගොඩනැගිල්ල අසලට තම මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයෙකු ඔහුගේ රථය නවතා එම රථයේ වහලය මත නැග විරෝධතාවක නිරත විය.
එම පුද්ගලයා පවසා සිටියේ පසුගිය 29 දා අගමැතිවරයාගේ වාහනයකින් යැයි කියා ගන්නා ලද පිරිසක් විසින් තම විසිපස් හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බවත්, ඒ සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසියට පැමිණිලි කළත් මෙතෙක් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවත්ය.