අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ නවසීලන්ත නිල සංචාරය හෙට (29දා) ආරම්භවීමට නියමිතය. නවසීලන්ත අග්රාමාත්ය ජෝන් කී මහතාගේ ආරාධනාවක් අනුව අගමැතිවරයා නවසීලන්ත සංචාරය ආරම්භ කරයි.
මෙම සංචාරය අතරතුළදී දෙරට අතර වැදගත් ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත අතර ශ්රි ලංකාවේ කිරි ආශ්රිත නිශ්පාදනය වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩි අවධානයක් මෙම සංචාරයේදී යොමු කරනු ඇති බවද සඳහන් වෙයි.