15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා - ශාන්තිකර සමුළුවට සහභාගී වීම සඳහා හොංකොං බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස අද (03දා) පෙරවරුවේ හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළින් හොංකොං නගරයට ළඟා විය.
හොංකොං නගරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස අග්‍රාමාත්‍යවරයා නවාතැන් ගෙන සිටින ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ දී පිළිගනු ලැබූයේ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා සහ ග්‍රෑන්ඩ් හයට් හෝටල් කළමනාකාරීත්වය විසිනි.
හොංකොං ජාත්‍යන්තර සම්මන්ත්රණ හා ප්‍රදර්ශන ශාලාවේ පැවැත්වෙන 15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා - ශාන්තිකර සමුළුවේ දී හෙට (04දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් “ආසියා - ශාන්තිකර අභියෝගයන් සහ ඉදිරි දර්ශනය” යන මාතෘකාව යටතේ අදහස් දැක්වීමට නියමිතය.