අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (26දා) ඉන්දියාවේ කොල්ලූර්හි ශ්‍රී මුකාම්බිකා කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සරස්වතී (මුකාම්බිකා) දෙවිය හා ඇයගේ අනිත් වේශය වන දුර්ගා දේවිය වෙනුවෙන් මෙම කෝවිල ඉදිකර තිබේ.
බැංගලෝර් වෙත පැමිණෙන අග්‍රාමාත්‍යවරයා එහි සිට හෙලිකොප්ටරයකින් කොල්ලූර් වෙත පැමිණීමට නියමිතය. පෙ.ව. 11.00ට පමණ ඔහු ආගමික වතාවත් ආරම්භ කිරීමට නියමිතය.
හෙතෙම දිවා ආහාරයෙන් පසුව නැවතත් බැංගලෝර් වෙත හෙලිකොප්ටරයෙන් පැමිණ අනතුරුව කොළඹට පැමිණීමට නියමිතය.