තෙදින නිල සංචාරක නිරතව සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19 දා) සිංගප්පූරු ව්‍යාපාරිකයන් හමුවිය. ෂැංග්‍රීලා හෝටලයේ මෙම හමුව පැවැතියේය. මෙහිදි ශ්‍රී ලංකාවට හා ජාත්‍යන්තර වශයෙන් වෘත්තීය සේවා සපයන ආයතනයක් ශ්‍රි ලංකාවේ ආරම්භ කිරිම සඳහා සිංගප්පූරුවේ සුර්බානා ආයතනයේ ජුරෝන්ග් ආයතනය හා ශ්‍රි ලංකාවේ ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක්ද අත්සන් කරනු ලැබීය.
ඉන් අනතුරුව සිංගප්පූරුවේ ජාතික කලාගාරයේ සංචාරයකටද අගමැතිවරයා ඇතුළු දූත පිරිස එක්විය. පසුව සිංගප්පූරුවේ බෝට්ටු සවාරියකටද අගමැතිවරයා ඇතුළු පිරිස එක්වූහ.
එය නිමවූ අග්‍රාමාත්‍යවරයා පුද්ගලික රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්විමට නියමිත අතර රාත්‍රියෙදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
චානක චන්ද්‍රසේකර සිංගප්පූරුවේ සිට