නව ව්‍යවස්ථාව මඟින් සියලු ජන කොටස්වලට සාධාරණත්වය ඉටු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15)පැවසීය.
සිංහල, දෙමළ , මුස්ලිම්. බර්ගර් , බෞද්ධ,හින්දු , ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදි වශයෙන් ආගම්, ජාතීන්,සංස්කෘතින් ලෙස වෙනසක් නොවන පරිදි සියලු දෙනාටම පිළීගත හැකි ව්‍යවස්ථාව සකස් කරන බවද අගමැතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) සවස අරලියගහ මන්දිරයේදී පැවැති ජාතික දීපවාලි උත්සවය අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.
පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරිමට ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ ප්රජාතන්ත්රවාදය අපේක්ෂාවෙන් බවත් , යහපාලන රජය විසින් ඒ සදහා පදනම සකස් කළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
සිංහල, දෙමළ , මුස්ලිම්. බර්ගර් , බෞද්ධ,හින්දු , ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදි වශයෙන් ආගම්, ජාතීන්,සංස්කෘතින් ලෙස වෙනසක් නොවී ප්රජාතන්ත්රවාදය අපේක්ෂා කළ බවත්,ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමට වත්මන් රජය කැපවී සිටින බවත් හෙතෙම කියා සිටියේය.
නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී පක්ෂ සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත්,ඉදිරියේදී තවත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
වෙනස් දේශපාලනික මතවල සිටි පක්ෂ එක මාර්ගයකට ගැනීමට මෛත්‍රිපාල සිරිසේන මහතාට හැකියාව හැකියාව ලැබී ඇති බවත්, ඔවුන් සමඟ ආරම්භ කල සාකච්ඡා සාර්ථක වී ඇති බවත් අගමැතිවරයා පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කළේ නව ව්‍යස්ථාව මගින් සියලු ජාතින්ට සාධාරණත්වය ඉටු විය යුතු බවයි.
නොබෙදුනු ඒකීය රටක් තුල සැමට සාධාරණ අයිතිවාසිකම් ලැබෙනු ඇතැයි දෙමළ සමාජය විශ්වාස කරන බවත්, වත්මන් රජය ඒ සදහා පිළීගත හැකි ආරම්භයක් ලබාදී තිබෙන බවත් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.
වෙනස් දේශපාලන මතවාදයන්හි සිටි දේශපාලන පක්ෂ එක් මතයකට ගෙනඒමෙන් සැමට සාධාරණත්වට ඉටුවන බවට වත්මන් රජය ආදර්ශයක් ලබාදී තිබෙන බවත්,රජයේ එම කටයුතු සදහා දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාදෙන බවත් සම්බන්ධන් මහතා කියා සිටියේය.
ඩී.එම්.ස්වාමිනාදන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම උත්සවයෙන් පසුව අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා වෙනම සාකච්ඡාවක්ද පැවත්වීය.ඒ සදහා වෙනත් දේශපාලඥයින් සම්බන්ධ නොවුණි.
ඡායාරූප ශමීර රාජපක්ෂ