අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසම ඉදිරියට ගොස් සාක්ෂි ලබාදීම රටටත්, ලෝකයාටත් ලබාදෙන හොඳ ආදර්ශයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
මෙතෙක් කලක් අගමැතිවරුන් කොමිෂන් ඉදිරියේ හෝ වෙනත් ආකාරයකට සිය කැමැත්තෙන් ප්‍රකාශ සිදුකිරීම කර නොමැති බවද එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මුල්ම පැමිණිල්ල ඉදිරිපත් කළේ, තමන් විසින් බවත්, මේ හරහා කොමිසමක් පත්කිරීම සිදුකළ බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ හරහා අමාත්‍යවරුන්ට පවා ප්‍රකාශ ලබාදීමට සිදුවූ බවත් අද වනවිට අග්‍රාමාත්‍යවරයා පවා සාක්ෂි ලබාදීමට සූදානම් බවට වාර්තා වන බවද අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.