අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින ඉන්දීය නිල සංචාරයකට සහභාගී වීම සඳහා හෙට ( 04 දා) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. මේ වන විට නවසීලන්ත සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍යවරයා නවසීලන්තයේ සිට නවදිල්ලියට පැමිණීමට නියමිතය.
සිය ඉන්දීය සංචාරය අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කීපදෙනෙක් සමග සාකච්ඡා පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයා සැලසුම්කර තිබේ.
ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් 06 වනදා නවදිල්ලි නුවරදී ආරම්භ කෙරෙන ඉන්දීය ආර්ථික සමුළුව සඳහාද වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වීමට නියමිතය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, හරීන් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, පස්අවුරුදු ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිත අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.