අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණෙන විට තමන්ගේම (පක්ෂයේම) පුද්ගලයින් බියට පත්වූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ මාදිවෙල පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණියහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන බදු නිදහස් බලපත්‍රය නැතිවේයැයි ඔවුන් බිය වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
'ලොක්කා බලයට ආවොත් අපේ පර්මිට් එකත් නැතිවෙයිද? ආයෙත් අපිට ඉන්දියානු වාහන දෙයිද?' යනුවෙන් ඇතැම් පුද්ගලයින් විමසූ බවත් ඔහු පැවැසීය.
එසේම ජනපති මෙන්ම අගමැතිත් ගත කරන්නේ අල්පේච්ඡ ජීවිත ගත කරන බවත් ඇමතිවරුන්ට හිමි කෝටි 118ක වාහන මිලදී නොගැන්නැයිද ඔහු පැවැසීය.
අගාමාත්‍යවරයා සිය විදෙස් සංචාර සඳහා යෑමේදී සිය බිරිඳට අවශ්‍ය ගුවන් ගමන් බලපත් ගාස්තු තම මුදලින් ගෙවා වෙන්කර ගන්නා බවත්, ජනපතිවරයා අත්සන් කිරීමට යොදාගන්නේ බෝල්පොයින්ට් පෑනක් බවත් ඔහු පැවැසීය.
'රාජපක්ෂ ටැක්ස් එක ජනතාවට දෙන්න එපා' යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.