අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට වත්මන් පාර්ලිමේන්තුවට හැකියැයි සන්ධානය සිතනවා නම් එය ජනතාව පාවාදෙන ක්‍රියාවක් බවත්, මෙරට ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ එ.ජා.ප. පාක්ෂිකයන් එයට ඉඩ නොදෙනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අද(10දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.