අගමැති ඉල්ලා අස්විය යුතුයි - මහින්දානන්ද
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බවට මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ පිළිගෙන ඇති බැවින් අගමැතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මේ වනවිට අවශ්‍ය තොරතුරු හෙළිදරව් වී ඇති බැවින් බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම වහාම නතර කර අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිසට එරෙහිව නීතීය ක්‍රියාත්මක කළ යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ, ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ අද (04දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අලුත්ගමගේ මහතා සඳහන් කළේ, බැඳුම්කර කොමිසමේදී රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ සාක්ෂි හෙළිදරව්වීමට පෙර ඒකාබද්ධ විපක්ෂය විසින් බැඳුම්කර වංචාවට රනිල් වික්‍රමසිංහ මහතා ඍජුවම වගකියන බවට කරුණු පෙන්වාදී තිබුණු බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


