සිය තෙදින නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නවසීලන්තයේ සිට ඉන්දියාවට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවක් අනුව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය සංචාරය ආරම්භ කළේය.
අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයේදී ඔහු ඉන්දීය ආර්ථික සමුළුවටද එක්විමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.