“බුද්ධශාසන අමාත්‍යාංශයේ කාමරයක පොලීසියෙන් හිටියයි කියලා ඒක ආගමික පොලීසියක් වෙන්නෙ නෑ. ඒකත් සාමාන්‍ය පොලීසියක් විතරයි. සාමාන්‍ය පොලිස් නිල ඇඳුම ඇඳගෙන පොලිස් නිලධාරීන්මයි මෙතැන සේවය කරන්නේ. ඔය කියන විදිහට නම් ඒ අයටත් සිවුරු අන්දන්න තිබුණනෙ. බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළෙ පොලීසියක් දැම්මේ, අවශ්‍ය වේලාවට ඉදිරිපත් වෙලා පරීක්ෂණයක් සිදුකරලා ඉක්මන් තීරණ ගැනීමටයි. ඔවුන්ට ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන්නේ පොලිස්පතිතුමායි” යැයි අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා එසේ සඳහන් කළේ, අද (12දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති වෙසක් සමරු මුද්දරය නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ඡායාරූප ඉසුරු පෙරේරා