දුම්රිය සේවකයන් වැඩවර්ජනවල නිරත වනවිට පාලකයන්ගේ අයිතිය තහවුරු කිරීමට අධිකරණයට ගොස් වැඩවර්ජන නවතා දමන නිසා, ඉදිරියේදී රාජකාරි ආවරණ තනතුරු ස්ථිර කරගැනීම සහ පුරප්පාඩු, වැටුප් විෂමතා පිළිබඳව ගරු අධිකරණයට කරුණු දක්වා අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව දුම්රිය සේවක පොදු සේවක සංගමය සඳහන් කරයි.
කිසිදු වැටුපක් නොගෙවා ප්‍රධාන තනතුරු 24 කට අධික ප්‍රමාණයකට නිලධාරීන් යොදවා රාජකාරි කටයුතු කරගන්නා බවත්, එලෙස රාජකාරි කටයුතු සිදුකරන විට යම් වරදක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීමම එම නිලධාරීන් වෙත පවරන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය.
එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව තුළ තනතුරු පුරප්පාඩු වීම 10,000 ඉක්මවා තිබෙන බවද පවසා සිටියේය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා 2010 වසරේ සිට එම තනතුරේ රාජකාරි කරන බවත්, ඊට අමතරව දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම්, දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්මික තනතුරු දෙකේද රාජකාරි ආවරණ කටයුතු කරන බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
ප්‍රවාහන අධිකාරි 03 න් 2 ක් රාජකාරි ආවරණ තනතුරු බවත්, පරිපාලන නිලධාරි තනතුරු 20 න් 17 ක්ද, දුම්රිය ස්ථානාධිකාරී තනතුරු දෙකමද රාජකාරි ආවරණ තනතුරු බව ඔහු පවසා සිටියේය.
මේ රාජකාරි ආවරණ කටයුතුවලට අමතරව ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තනතුරු 50 ම පුරප්පාඩු බවත්, පළමු පන්තියේ දුම්රිය ස්ථානාධිපති තනතුරු 480 න් 250 ක් පුරප්පාඩු බවද හෙතෙම පවසා සිටියේය.
මෙම පුරප්පාඩුවලට අමතරව තනතුරු විශාල ප්‍රමාණයක් පුරප්පාඩු වී දුම්රිය දෙපාර්තමේන්තුව දැඩි අනතුරකට ලක්වෙමින් තිබෙන බවද ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.