අක්මිමන ප්‍රදේශිය සභාවේ අද (12දා) පැවති මාසික රැස්විමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. විදුරු පොළවේ ගසමින්, පරුෂ වචනයෙන් බැන ගනිමින්, හු කියමින් සන්ධනායේ මන්ති‍්‍රවරු පිරිසක් හැසිරිම නිසා සභා රැස්විම එකම ගාලගොට්ටියක් බවටද පත්විය.
ජ.විපේ මන්ති‍්‍ර සුගත් ආනන්ද මහතා කථා කරමින් සිටියදි මෙම උණුසුම්කාරි තත්වය ඇතිවිය. ජ.වි.පේ මන්ති‍්‍රවරයාගේ කථාවට සන්ධානයේ මන්ති‍්‍රවරු දිගින් දිගටම බාධා කළ අතර සන්ධානයේ මන්ති‍්‍ර ඒ.කේ සුගත් හා ජ.වි.පේ මන්ති‍්‍ර සුගත් ආනන්ද අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇති විය.
මෙම උණුසුම්කාරි තත්වයත් සමග මන්ත්‍රීවරු පිරිසක් සභා ගබෙන් පිටව ගියහ.
ඡ්නේෂ් නානායක්කාර / රවිදු දියගහගේ/ රවින්ද්‍ර ශි‍්‍ර ලාල්