ගල්කිස්ස රොහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ල ඉදරිපිට කළහකාරී ලෙස හැසිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් අක්මීමන දයාරතන හිමි හිමි හා රවීන්ද්‍ර වර්ණජිත් නම් අනෙක් සැකකරු ලබන 9 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ කොළඹ අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසුවයි. සැකකාර රවීන්ද්‍ර වර්ණජිත් නම් පුද්ගලයාව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණ නියෝග කළේය.