අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (18දා) දහවල් 11.30 න් අවසන් වන බවත්, එම වේලාවෙන් පසු කිසිදු විභාග අපේක්ෂකයෙකු විභාග පරිශ්‍රය තුළ අනවශ්‍ය ආකාරයට රැඳී නොසිටිය යුතු බවත් විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයන්ට දන්වා සිටියි.
මීට අමතරව විභාගය අවසන් වූ පසු විභාග අපේක්ෂකයන් අපහසුතාවට පත්වන දෑ හෝ විභාග මධ්‍යස්ථාන ගොඩනැගිලිවලට හානි සිදුවන ආකාරයේ කිසිවක් සිදුනොකරන ලෙසද විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ඉල්ලා සිටියි.
මෙම උපදෙස් පිලිනොපැද අනවශ්‍ය දෑ සිදුකරන අපේක්ෂකයන් පිළිබඳව පැමිණිල්ලක් ලැබුණහොත් ඒ පිළිබඳ විමර්ශනය කර යම් අපේක්ෂකයෙකු වැරදිකරුවෙකු වුවහොත් ඔහුගේ ප්‍රතිඵල තහනම් කරන බවද ඔහු පවසා සිටියේය.
අනවශ්‍ය ආකාරයට විභාග මධ්‍යස්ථාන තුළ රැඳීසිටින අපේක්ෂකයන් පිළිබඳව පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112 784 208, 0112 784 537, 0113 188 350, හෝ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ට හෝ 0112 784 422 ෆැක්ස් අංකයට දැනුම්දෙන ලෙසද විභාග කොමසාරිස්වරයා ඉල්ලා සිටියි.