අපේක්ෂකයින් 296,313ක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (05දා) සිට මේ මස 29 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2120 කදී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
මෙවර පැවැත්වෙන විභාගයට අපේක්ෂකයන් 296313 (දෙලක්ෂ අනූහය දහස් තුන්සිය දහතුනකු) පෙනී සිටින බවත්, ඒ සඳහා නිලධාරීන් 21000 කට අධික ප්‍රමාණයක් සේවයේ යොදවා සිටින බවත් විභාග මධ්‍යස්ථාන ඇතුළු විභාග කටයුතු සම්බන්ධීකරණ කටයුතු සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මධ්‍යස්ථාන 295ක් පිහිටුවා තිබෙන බවද විභාග කොමසාරිස් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.