රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වූ එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශය මත සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කර ඇත.
කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ (ගෞරව) උපාධිය ලබාගෙන ඇත.
බැංකු ක්ෂේත්‍රෙය මෙන්ම රාජ්‍ය සේවයේ ඉහළ නිලතල දරා ඇති ඒ මහතා පෞද්ගලික සමාගම් හි ඉහළ කළමණාකරුවෙක් ලෙසත් කටයුතු කර තිබේ.