කොළඹ කැප්පෙටිපොළ මාර්ගයේ පොලිස් නිවෙස්න අසලදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නිල රථ දෙක එකිනෙක ගැටී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
එස්.එම්. වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විදේශගත වී සිටින අතර, අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රථයේ සිටියාද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
ඒ පිළිබඳව විමසීමට අජිත් රෝහණ මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය නොහැකි විය. මේ පිළිබඳව කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.