DIG 14ක් පත්වෙති
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කිරීමට අදාළ පත්වීම් ලිපි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් අද (05දා) දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට ප්රදානය කරණු ලැබිණි.
මෙහිදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සඳහන් කළේ සියලුදෙනාගේම වගකීම රටට සේවය කිරීම බවයි.
ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ මත උසස්වීම් ලබාදී සිටිනා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනා ඉදිරි දිනවලදී විවිධ ක්ෂේත්‍ර සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.
මේ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන අජිත් රෝහණ, වසන්ත වික්‍රමසිංහ, පද්මලාල් සඳුන්ගහවත්ත, ධම්මික සිරිවර්ධන, ප්‍රියන්ත ජයකොඩි, නිමල් පෙරේරා, මර්වින් වික්‍රමසිංහ, ග්‍රෙගරි කුරේ, ආර්.එන්. වැලිකන්න, ආර්.එල්.රණවීර, කේ.බී. මහගෙදර, එම්.බී. ඇල්ලේපොල, ඩේවිඩ් ගජසිංහ, පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස අද පත්වීම් ලබාගත්හ.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
















                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                