සී.එස්.එන්. නාළිකාවේ අත්හිටවූ විකාශන බලපත්‍රය නැවත ලබා නොදෙන බව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (27දා) පැවැසීය.
රූපවාහිනී සේවයක් ආරම්භ කිරීමට අදාළව කොන්දේසි සපුරා නොතිබීමත්, නීතිවිරෝධී අයුරින් එම රූපවහිනි සේවය ආරම්භ කිරීමත් හේතුවෙන් නැවත එම බලපත්‍රය ලබා නොදෙන බවද අමාත්‍යවරයා පැවැසිය.
එකාබද්ධ විපක්ෂයේ පාරලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.