ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට රජය කිසිදු ආකාරයක තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
දිනේෂ් ගුණවර්ධන මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු අද (09දා) පාර්ලිමේන්තුවේදී ඉහත අදහස් දැක්වීය.
ඉන්ධන මිල වැඩි කිරීමටද මේ දක්වා රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවද ඔහු කීය.
2015 ජනවාරි 22 වැනිදා සිට කැපී පෙනෙන ලෙස මෙරට ඉන්ධන මිල අඩු කිරීමට වත්මන් රජයට හැකි වූ බවත්, ඒ හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලැබූ පාඩුව ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් හෙතෙම කියා සිටියේය.