කොළඹ වරාය නගරය ඉදිකිරීම වහාම නවතා දමන ලෙස ඉල්ලා වරාය නගරය ඉදිකිරීමට යෝජිත ස්ථානයේදී අද (04දා) සවස 4.00 ට විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.
සංවිධාන 09ක එකමුතුවෙන් මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වන බවත්, මෙවැනි විරෝධතා ව්‍යාපාර වරාය නගරය ඉදිකිරීමට ගත් තීරණය අහෝසි කරන තුරු පවත්වන බවත් එම සංවිධානයේ කැඳවුම්කරු සජීව චාමිකර මහතා සඳහන් කළේය.