ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකරණ අධ්යක්ෂ ලෙස නීල් ජයසේකර මහතා පත් කර ඇත. නව ධුරයට ජයසේකර මහතා සිය ධුරයෙහි වැඩ භාර ගැනීම අද (27දා) උදෑසන දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි.
කළමනාකරණ අධ්යක්ෂ ධුරයට පත්වීමට ප්‍රථම ඒ මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරිපහදු කළමනාකාර ධුරයෙහි කටයුතු කරමින් සිටියේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු උපාධිධාරියෙකු වන ඒ මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ඉංජිනේරුවරයකු ලෙස 1981 අගෝස්තු 03වැනිදා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි සේවයට බැඳී ඇත.
ඔහු සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ ධුරයට පසුව එන ඉහළම තනතුර වූ පිරිපහදු කළමනාකරු ධුරයට 2010 වර්ෂයේදී පත්ව තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වසර 36කට වැඩි කාලයක අත්දැකීම් ඇති ඔහු ව්‍යාපාරික පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙකු මෙන්ම වරලත් ඉංජිනේරුවරයෙකි.