කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (Colombo Port City ) පිළිබඳව ලිපිගොණු පරීක්ෂා කර, වාර්තා සොයා බැලීමට වෙනමම කමිටුවක් මෙන්ම තමාගේ ප්රධානත්වයෙන්ද කමිටුවක් පත්කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
කොළඹ වරාය නගරය පළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
එසේම එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. එසේම එම වාර්තාව චීන තානාපතිවරයාට ද ලබා දෙන බවද ඔහු පැවසීය.