සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ආයතනය (CIFL) බංකොලොත්වීම හේතුවෙන් මුදල් අහිමි වූ තැන්පත්කරුවන් අද (03දා) පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක නිරත විය.
CIFL තැන්පත්කරුවන්ගේ සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණු අතර, එහිදී උද්ඝෝෂකයන් අවධාරණය කළේ අදාල මුල්‍ය ආයතනය බංකොලොත් වීමට එහි අධ්යක්ෂ මණ්ඩලය මෙන්ම මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් වගකිව යුතු බවයි.
මෙම උද්ඝෝෂණයට විශාල පිරිසක් එක්ව සිටි අතර, ඔවුන් රජයෙන් ඉල්ලා සිටියේ CIFL ආයතනයේ බංකොලොත් වීමට වකගිව යුතු පුද්ගලයන්ට වහාම දඬුවම් ලබාදී තැන්පතකරුවන්ගේ මුදල් ආපසු ලබාදීමට පියවර ගන්නා ලෙසයි.